ජනාධිපතිවරණය කැදවයි… නොවැම්බර් 16.. නාම යෝජනා ඔක්තෝබර් 07

ඉදිරි ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වෙනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බව එහි සභාපති මහින්ද දේශප්‍රිය  ප්‍රකාශ කර සිටියා. එමෙන්ම ජනාධිපතිවරණය සඳහා වන නාම යෝජනා කැඳවීම ඔක්තෝම්බර් 07 වෙනිදා සිදු කිරීමට නියමිත බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.

ජනධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම හෙට (19) සිට ආරම්භ වන අතර ඔක්තෝම්බර් 6 වැනිදා දහවල් 12 දක්වා ඒ සඳහා අවස්ථාව හිමි බව මැතිවරණ කොමිසම පවසනවා.

මේ අතර ජනාධිපතිවරණය කැඳවීම සම්බන්ධයෙන් වන අති විශේෂ ගැසට් නිවේදනය පළ කිරීම සඳහා එය මේ වන විට රජයේ මුද්‍රණාලය වෙත මැතිවරණ කොමිසම විසින් යවා ඇති බවයි එහි ප්‍රකාශකයෙක් සඳහන් කලේ.