ගුටි ‌කෙලියෙන් පසු අගමැති කැදවූ හමුවට හකීම් පමණයි.. අන් සියල්ල වර්ජනයේ..

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණු එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ගේ හමුව සඳහා ඇමැති රවුෆ් හකීම් මහතා හැර සෙසු පක්ෂ නායකයන් සහභාගි වී නැත.

රිෂාද් බදුර්දීන්, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, රාජිත සේනාරත්න, පලනි දිගම්බරම් යන පක්‍ෂ නායකයන් ඊයේ පැවති සාකච්ඡාවට සහභාගි නොවී ඇති බව වාර්තා වෙයි.

රවුෆ් හකීම් ඇමැතිවරයා සහභාගි වී සඳහන් කර ඇත්තේ ජනප්‍රිය අපේක්ෂකයා මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතා බැවින් ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට නම් ඔහුට අපේක්ෂකත්වය ලබා දිය යුතු බවයි.

මේ අතර ඊයේ දිනයේ පැවති පක්ෂ නායක රැස්වීම සඳහා සහභාගී නොවීම ගැන අදහස් පළ කරමින් ඇමති මනෝ ගනේෂන් සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සාකච්ඡා කර තම ජනාධිපති අපේක්ෂකයා දැනුම් දෙන තුරු පක්ෂ නායක රැස්වීම්වලට සහභාගි වී පලක් නැති බවකි.