රනිල් කුජීත‌‌වෙයි…! මැකෝගෙන් ආ නියෝගයෙන් අරලියගහ මැදුරේ පත්වීම් ප්‍රදානයක් අවලංගු කෙරේ

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 වන ශ්‍රේණියට බඳවා ගැනීම සදහා වන පත්වීම් ලිපි ප්‍රදානය සදහා අරලියගහ මන්දිරයේ හෙට (21) පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයක් අවලංගු කර තිබෙනවා. ඒ, මැතිවරණ කොමිසම කළ දැනුම්දීමකට අනුවයි.

අදාළ පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය නොපවත්වන ලෙස ලිපියක් මගින් දැනුම්දී ඇති බවයි මැතිවරණ අධ්‍යක්‍ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියාසිටියේ.