කවුරු දැගලුවත් මම තමයි ජනාධිපති අපේක්‍ෂක… රනිල්ගෙන් මාධ්‍ය හමුවක් සුදානම්…!

එළැඹෙන 24 වන දා පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මීලග ජනාධිපතිවරණය සඳහා තරග වදින එම පක්ෂ අපේක්ෂකයා තෝරා ගැනීමට සූදානම් වන බව වාර්තා වෙයි.

ඒ සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කිරීමට එම පාර්ශවය දැනටමත් තීරණය කර ඇති බව සිරිකොත ආරංචි මාර්ග කියයි.

එදිනට පෙර දැනට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ පුරප්පාඩු වී සිටින සභිකයින් පිරිසක් නම් කරගෙන බහුතරය සකසා ගැනීමට අගමැතිවරයා කටයුතු කරමින් සිටින්නේ යැයි ද වාර්තා වෙයි.

මේ අතර අගමැතිවරයා ඇමති රංජිත් අලුවිහාරේ මහතා සමග සඳහන් කර ඇත්තේ මෙවර ජනාධිපතිවරණය සඳහා තමන් ස්ථිරවම තරඟ වදින බවයි.