රනිල් බලය ‌පෙන්වයි…! සිරිකොත අරමුදලට කෝටියයි – රට වටේට බාර් ලයිසන් 84යි

එක්සත් ජාතික පක්‍ෂ ‘සිරිකොත අරමුදලට’ රුපියල් කෝටියක් ලබා දෙන ලෙස බල කරමින් ම ත්පැ න් බලපත‍්‍ර 84 ක් නිකුත් කර තිබේද යන්න සොයා බලන ලෙස විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී   (17 දා) නියෝජ්‍ය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

පසුගිය දවස්වල ම ත්පැ න් බලපත‍්‍ර 84 ක් දීල මතට එරෙහිව වැඩසටහන් කරගෙන යද්දී, මෙලෙස බලපත‍්‍ර නිකුත් කිරීම අකටයුත්තක්. බලපත‍්‍ර ලබාදෙද්දී මුදල් එකතු කරනවා, සිරිකොත අරමුදලට රුපියල් ලක්‍ෂ 100 ක් දෙන්න කියලා. මේ ගැන සොයා බලන්න යැයි මහින්ද අමරවීර මහතා ඉල්ලා සිටියේය.

එහිදී නැඟී සිටි සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ කීය. මම මීට කලිනුත් කිව්වා යහපාලනය බලයට පත් වූදා සිට එක් මන්තී‍්‍රවරයෙක්වත් ම ත්පැ න් බලපත‍්‍ර ඉල්ලගෙන නෑ. මේ මැතිවරණය කාලේ පත්තරවල යන බේගල් අල්ලගෙන මඩගසනවා. මේවාට පාර්ලිමේන්තුවේ ඉඩ නොදිය යුතුයි. ඊයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීත් මේ ප‍්‍රශ්නෙ මතු වුණා.