ශිරාණි බණ්ඩාරනායක ජනාධිපතිවරණයට..

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉදිරි ජනාධිපතිවරණයට අපේක්‍ෂිකවක ලෙස ඉදිරිපත් වීමේ කටයුතු සූදානම් වෙමින් ඇත.

මේ සම්බන්දයෙන් තොරතුරු ඇයට හිතවාදී පිරිස්වල සමාජ ජාල ගිණුම්වල තොරතුරු වාර්තා කර ඇත.

හිටපු අගවිනිසුරුවරිය පවසන්නේ තමන් දේශපාලනයට පැමිණෙන්නේ නම් එව සිදුවන්නේ ජනතාවගේ ඉල්ලීම මත පමණක් බවත් රටේ යම් තැනකට පැමිණිය හොත් ජනතාවට සාධාරණයක් කරන බවත්ය.

ඇය මේ බව පැවසුවේ කොළඹදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.