සජිත් කෙසෙල් ඇවරියෙන් ජනාධිපතිවරණ සටනට…

ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු එක්සත් ජාතික නිදහස් පෙරමුණ මීළඟ ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා සූදානම් කරමින් පවතින බව ආරංචි මාර්ග වාර්තා කරයි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එම පක්‍ෂයෙන් ජනාධිපති අපේක්‍ෂක වීමට අවස්ථාවක් නොලද හොත් ඔහු මෙම පක්ෂයෙන් තරග කරනු ඇති බවට වාර්තා පළ විය.

සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී සමාජ ජාල පිටු ඔස්සේද වාර්තා කරමින් ඇත්තේ එක්සත් ජාතික පක්ෂයෙන් ඔහුට අවස්ථාවක් නොලද හොත් කෙසෙල් ඇවරිය ලකුණ යටතේ තරඟ වැදීමට සූදානම් වන බවයි.

මීට පෙර වාර්තා වූයේ සජිත් ප්‍රේමදාස මහතා රාජාලි පක්ෂයෙන් තරඟ වදිනු ඇති බවයි.