බලය බෙදයි.. රට ‌ෆෙඩරල්.. අගමැති රනිල්.. අපේක්‍ෂක සජිත් එකග වූ යෝජනා මෙන්න..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කළ කෘත්‍යාධිකාරී මන්ත්‍රී දීම බලය බෙදාහැරීම, මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ හා අගමැතිවරයාගේ එකඟතාවය මත ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් ඉදිරියට ද කටයුතු කිරීමට යෝජනා සම්මත කර තිබේ.

එම පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව සඳහන් කළේ අද සිරිකොත මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනාධිපති අපේක්‍ෂකත්වයට නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂ නායකත්වය සහ අගමැතිධූරය තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතාට කටයුතු කරනු ඇති බවත් ඒ බව සජිත් ප්‍රේමදාස මහතා විසින්ද කෘත්‍යාධිකාරී පැවසූ බවත් ඔහු සඳහන් කළේය.