ගුරුකන්ද හිමිගේ ආදාහනයට ගිය සියළු දෙනා අත්අඩංගුවට….! නියෝගය රනිල්ගෙන්

අපවත් වී වදාල ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ දේහය ආදාහන කටයුතු කිරීමට මුල් වූ සියලු පුද්ගලයන් අත්අඩංගුවට ගත යුතු යැයි දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

දෙමල සන්ධාන ර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පවසන්නේ එම ආදාහනය සිදු කළේ අධිකරණ නියෝග කඩ කරමින් බවයි.

රජය විසින් හින්දු ආගමික ස්ථාන වෙත වහාම ආරක්ෂාව සැලසිය යුතු බවද ඔහු යාපනයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේය.

හින්දු ආගමික ස්ථාන කඩා බිඳ දමමින් එම ස්ථානවල බෞද්ධ වෙහෙර විහාර ඉදි කිරීම වහා නතර කරන ලෙසත් ඉල්ලා සිටි ඔහු මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගේ ප්‍රතිචාරය බලාපොරොත්තු නොවූ බවද මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.