නිදහස් උපාධිදාරී සංගමය දෙකඩ වෙයි…! බහුතරය ගෝඨාභයට.. සුළුතරයක් විකල්පයකට

ශ්‍රී ලංකාවේ විශාලතම උපාධිදාරී සංගමය වන නිදහස් උපාධිදාරී සංගමය ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මතවාදයන් 02කට වෙන්වී ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ගයක් ඔස්සේ අපට වාර්තා වේ.

එහිදී විධායක සභාවේ සාමාජිකයන් බහුතරයකගේ සාමාජිකයන් බහුතරයකගේ යෝජනාව වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සේම නිදහස් උපාධිදාරී සංගමයේද සහයද ගෝටාභය රාජපක්ෂ මහතාට හිමිවිය යුතු බවයි.. කෙසේවෙතත් සුළු පිරිසක් එම අදහසට එරෙහි වෙමින් විකල්ප අපේක්ෂකයෙකුට තම සහය ලබාදිය යුතු බව පවසා ඇත.

කෙසේවෙතත් නිදහස් උපාධිදාරී සංගමයේ නිලධාරින් විසින් පසුගියදා මාධ්‍ය හමුවක් කැදවමින් විධායක සහාවේ සාමාජිකයන් බහුතරයක් අනුමත කරන ලද ඔවුන්ගේ ස්ථාවරය ප්‍රකාශ කල අතර එම වීඩියෝව පහතින්…