රටම අඩපණ කළ එජාපයට එරෙහි වර්ජන රැල්ල තවදුරටත්

කැබිනට් අනුකමිටු සමග තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට සූදානම් නොමැති බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා. සිය ඉල්ලීම් ඉටුකරන තුරු තමන් ආරම්භ කර ඇති වැඩවර්ජනය අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන බවයි දුම්රිය වෘත්තීය සමිති පවසන්නේ.

ඊයේ පස්වරුවේ පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති කි‍්‍රයාත්මක කර ඇති වැඩවර්ජන සම්බන්ධයෙන් අවධානය යොමුවූ අතර ඒ සම්බන්ධයෙන් විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කෙරුණා. 

වර්ජන කි‍්‍රයාමාර්ගවල නිරත වෘත්තීය සමිති අයත් වන අමාත්‍යංශ භාර අමාත්‍යවරුන්ගෙන් සමන්විතව එම කැබිනට් අනුකමිටුව පත් කිරීමටයි තීරණය කෙරුණේ. 

මංගල සමරවීර, රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, අකිල විරාජ් කාරියවසම් යන අමාත්‍යවරුන් සහ වැඩබලන ප‍්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ එම කමිටුවට අයත් වනවා. වර්ජනවල නිරත වෘත්තීය සමිති සමග සාකච්ඡුා කර ලබන සඳුදා වනවිට විසඳුම් ඉදිරිපත් කිරීම එම කමිටුවට පවරා තිබෙනවා. 

මේ අතර සිය ගැටලූවලට විසඳුම් නොලැබීම හේතුවෙන් ඔක්තෝම්බර් මස 07 වනදා සිට දින 05 ක වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කිරීමට ගුරු විදුහල්පති සංගම් තීරණය කර තිබෙනවා.