වටේ ගිහින් ආපු එවුන් මට අණ දෙන්න එන්න එපා..! සියබලාපිටියගෙන් දයාසිරිට දැඩි ප්‍රහාරයක්…!

ඊයේ පැවතී ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දයාසිරි ජයසේකර සහ රන්ජිත් සියබලාපිටිය අතර දැඩි වාග් සංග්‍රාමයක් හටගෙන ඇති බව අපට වාර්තා වේ.

ඊයේ උදෑසන පක්ෂ මුලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියත වශයෙන්ම ජනාධිපතිවරණයේදී ගොටාභය රාජපක්ෂ මහතාට සහය දක්වන බවට රන්ජිත් සියබලාපිටිය මහතා සිදුකල ප්‍රකාශයට දයාසිරි ජයසේකර විරෝධය පළකිරීමත් සමගින් මේ තත්වය උද්ගතවී ඇත.

මම නිදහස් පාක්ෂිකයෙක්.. මම ඔය එක එකා වගේ අයාලේ ගිහින් ආපු එකෙක් නෙමෙයි.. ඔය කතා කියන මහත්තුරු කොහෙන් ආපු අයද කියන එක හැමෝම දන්නවා යනුවෙන් රන්ජිත් සියබලාපිටිය මහතා පැවසීමත් සමගින් දයාසිරි නිරුත්තර වී ඇති බව සදහන්…