ශ්‍රීලනිප සහයත් සමගින් ගෝඨාභයට දැනටම ඡන්ද ලක්ෂ 65ක්

රී ලංකා නිදහස් පක්ෂය ද ඉදිරි ජනාධිපතිවරණයේ දී ගත හැකි හොඳම තීන්දුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට දැන් ප්‍රමාද වැඩි බවත් ඔහු පැවසීය.

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකුට සහාය දීම ශ‍්‍රීලනිපයට කිසිදු ගැලපීමක් නැති බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ අතර වාර්තා වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට වැඩි ඉඩකඩක් ඇති බවයි.

ඒ සඳහා වන අවසන් සාකච්ඡා මේ දිනවල සිදුවන අතර ලබන 05 වැනිදා පමණ වනවිට මෙය අවසන් එකඟතාවට එක්වනු ඇති බවත් ඉහල පෙලේ ආරංචි මාර්ග කියා සිටියේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පසුගිය පලාත් පාලන මැතිවරණයේදී ඡන්ද ලක්‍ෂ 15ක් ලබා ගත් අතර පොදුජන පෙරමුණ ඡුන්ද ලක්‍ෂ 50ක් ලබා ගත්තේය.

මෙවර ජනාධිපතිවරණය ජය ගැනීම සදහා අපේක්‍ෂකයෙකු ඡුන්ද ලක්‍ෂ 65ක් ලබා ගත යුතු බවට පුරෝකථනයන් බොහෝ ප‍්‍රමාණයක් සිදුව ඇත.