ජයතිස්ස රණවීර ප්‍රමුඛ මහජන නියෝජිතයන් රැසක් ගොඨාභයට සහය පළකරයි…!

යහපාලන රජයක් බිහි කිරීම සදහා එක්ව අමාත්‍ය ධූර හා නියෝජ්‍ය අමාත්‍ය ධූර ගණනාවක් දරා සිටි රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්ති මනත්‍රී හිටපු අමාත්‍ය ජයතිස්ස රණවීර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂක ගොඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සදහා එක් විය.

මෙම අවස්ථාවේදී තවත් එක්සත් ජාතික පක්ෂයට සහය පල කරන හිටපු ප්‍රාදේශීය සබා මන්ත්‍රීවරුන් මෙන්ම විවිධ වෘර්තිකයන්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්විය.

මෙහිදී ශ්‍රී ලංකා කොමිනිස් පක්ෂයේ ඇඹිලිපිටිය නගරසභාවේ හිටපු නාගරික මන්ත්‍රී නීතීඥ විජිත ජී පුංචිහේවා මහතාද මෙම අවස්ථාවට එක්වී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පල කරන බව ප්‍රකාශ කරන ලදී.

ස්වාධීන කණ්ඩායම් වලින් තරග කල අපේක්ෂකයන් මෙන්ම එම සාමාජිකයින්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා මෙහිදී එක්විය.නීතීඥ වරුන් බොහෝ පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

මෙම අවස්ථාව හිටපු අමාත්‍ය ජයතිස්ස රණවීර මහතාගේ නිවසේ සංවිධානය කර තිබිණි.මේ සදහා කලාකරුවන් නියෝජනය කරමින් චිත්‍රපට නලු සංජය ලීලාරත්ත මහතා සහභාගී විය.මෙම අවස්ථාවට විහාල පිරිසක් සහභාගී වී සිටිනු දක්නට හැකි විය.

මෙහිදී මාධ්‍යයට අදහස් දක්වමින් ජයතිස්ස රණවීර මහතා කියා සිටියේ,මම යහපාලනයට සහයෝගය දක්වපු එක ගැන මම කණගාටු වෙනවා කණගාටුවෙනවා විතරක් නොවෙයි පුලුවන්නම් බෙල්ලත් කපා ගන්නවා බැරිකමට ඉන්නේ.බොරු කරන රට විනාස කරපු පාලකයන් දෙදෙනෙක් ගැන මම දුක් වෙනවා.

නරක කාලය ආවම ඔහොම තමයි මේ ලබල තියෙන්නේ හොද කාලය නරක කාලය ආවම විශ්ණු දෙයියොත් බට කොල කෑව කියන්නේ.යහපාලන රජය මතක් කරන්න එපා එහෙම රජයක් මේ රටේ කවදාවත් බිහිවෙන්න එපා කියල අපි ප්‍රාර්තනා කරමු.මේ රටේ බිහිවුන නරකම පාලනය තමයි යහපාලනය.

සජිත්ට අද රට ගොඩනගන්න ප්‍රතිපත්තියක් නැහැ.එයා කියනවා මේක හදවතේ තියනව කියල.අපි දන්නවනේ ඒ අයගේ හදවතේ තියෙන ඒව.එයාම කියනවා එයා පේමදාසගේ පුතා කියල.ඇත්තටම අපි දන්නවනේ පේමදාසලා කල ඒවා.ඉතින් එයාගැන අපි බයවෙන්න ඕන පිට සොත්ති උපාලි මතක්වෙනවා වෙන වෙන ඒව මතක් වෙනවා.සජිත් පේමදාස ආර්.පේමදාසගේ පුතා කියන එකම අපිට බය හිතෙනව මේ රට විනාශ කරනව කියල.මෙයා ආවොත් ටයර් යුගයක්,නිදන් කඩන යුගයක්.මංකොල්ලකන යුගයක් ඇතිවෙයි කියල අපි හිතනව.

– ප්‍රගීත් ජනක