ගෝඨාභයට බැරිනම් ජනපති ‌මෛත්‍රි ‌හෝ චමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට…!

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට තරඟ කිරීමට නොහැකි වුවහොත් විකල්ප අපේක්ෂකයෙකු සූදානම් කිරීම සම්බන්ධයෙන් එම පෙරමුණේ අවධානය යොමුව තිබේ.

ඒ සම්බන්ධයෙන් වන හදිසි පක්‍ෂ නායක සාකච්ඡාවක් අද පස්වරුවේ කැඳවා ඇති බව විපක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

ගෝටාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීමට කිරීම හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබේ.

අදාල ලියකියවිලි කිසිදු ප්‍රශ්නයක් නැතත් 03 වැනිදා අතුරු තහනම් නියෝගයක් ලබාගත හොත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට බාධාවක් ඇති වන නිසා මෙසේ සූදානම්ක ඇතැයි වාර්තා වෙයි.

විකල්ප අපේක්‍ෂකයා ලෙස දැනට යෝජනා වී ඇත්තේ හිටපු කතානායක චමල් රාජපක්‍ෂ මහතා ‌හෝ වර්තමාන ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතා විය හැකි බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි.