ශ්‍රිලනිපය අනිවාර්යයයෙන්ම ‌ගෝඨාභයට සහය දක්වනවා..! නිමල් සිරිපාලද සිල්වා කියයි…

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල සිල්වා මහතා සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ පලාත් පාලන නියෝජිතයන් හා දේශපාලන ක්‍රියාකාරීන් හමුවේ අදහස් පළ කරමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ගන්නා තීන්දුව ගැන අවසන් තීරණය අද ගැනීමට නියමිතව තිබේ.

අද පස්වරු 07.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවා ඇත්තේ එම තීන්දුව ගැනීමටයි.