ජනපති ‌මෛත්‍රි නැවතත් ජනපති සටනට..!

වර්තමාන ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතා විකල්ප අපේක්ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර දීමට සූදානමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අධිකරණයේ පවරා ඇති නඩු හේතුවෙන් මහින්ද – ‌මෛත්‍රි සුසං‌යෝගය මෙම තීරණය ගෙන ඇත.

හෙට දිනයේ සලකා බැලෙන පුරවැසි භාවය සම්බන්ධ නඩුවේ තීන්දුව කුමක් වුවත් ඉදිරි කාලයේ දී ද ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව විවිධ නඩු පවරනු ඇතැයි සලකා මෙම තීරණය ගැනීමට තීන්දු කර ඇති බවද වාර්තා වෙයි.