අපි දැන් එක පවුලක්…! ලකුණේ ගැටළුව ‌හෙට අනිද්දම අවසන්…! විරකුමාරගෙන් ප්‍රකාශයක්..

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා  ලංකාවේ පුරවැසියෙකු බව පිළිගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී පවසා සිටියේ පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පවතින සාකච්ඡාවලට අදාළව පැන නැගී ඇති ගැටළුව වන්නේ ලකුණ පිළිබඳ ගැටළුවක් බවයි.

එමෙන් එම ගැටළුවද හෙට අනිද්දා වන විට අවසන් වනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළේය.