ජනපති ‌මෛත්‍රි සහ බැසිල් රාජපක්ෂ අතර විශේෂ හමුවක් (01)ඊ‌යේ…! ගත්තු තීරණ ‌මෙන්න..

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර හමුවක් ඊයේ (01) රාති‍්‍රයේ සිදුව ඇති බවට අපට වාර්තා වනවා. එහිදී ද ප‍්‍රධාන වශයෙන් අවධානය යොමුව ඇත්තේ පොහොට්ටුව ලාංඡනය සම්බන්ධයෙන්.

ජනාධිපති නිල නිවසේ මෙම හමුව පැයකට අධික කාලයක් පැවති බව ද අප වෙත වාර්තා වුණා. කෙසේවෙතත්, මෙම සාකච්ඡාවේදී ද පොහොට්ටුව ලාංඡනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලූව පිළිබඳ අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.