මහේෂ් ‌සේනානායකට එරෙහිව ‌පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක්..!

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂක ලෙස ඉදිරිපත් වී සිටින හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතාට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

සිංහලේ සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව විසින් මෙම පැමිණිල්ල ගොනු කොට ඇත.

එම පැමිණිල් මගින් ඔහු සඳහන් කරන්නේ සර්වෝදය අරමුදලේ මුදල් මහේෂ් සේනානායක මහතාගේ දේශපාලන කටයුතු සදහා අවභාවිතා කරන බවයි.

පාස්කු දිනයේ එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය වලක්වා නොගැනීම සම්බ්නදයෙන්ද හිටපු හමුදාපතිවරයා වගකිව යුතු බවත් පැමිණිල්ලෙන් ඔහු කියා සිටී.