ශ්‍රිලනිපය සහ ‌පොහොට්ටුව ප්‍රමුඛ සංධානයෙන් මම නියත ජයක් ලබනවා…! ‌ගෝඨාභයගෙන් ප්‍රකාශයක්

ශ්‍රිලනිපය සහ ‌පොහොට්ටුව ප්‍රධාන සංධානයෙන් නියත වශයෙන් ලබන තම ජයග්‍රහණය වැළැක්වීමට විවිධ කුමන්ත්‍රණ දියත් කෙරුණද එය පරාජය කරමින් ජයග්‍රහණය අත්කර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා. කුරුණෑගල සත්‍යවාදී පිටියේ අද (02) පැවති  රැළියකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.