සලකුණ පිළිබද ‌පොහොට්ටුවේ අවසන් තීරණය 05දා…!

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයේදී තරග වදින සලකුණ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ලබන 05 වැනිදා ගන්නා බව 
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දක්වන සියලූ පක්ෂ සමග සාකච්ඡා කර අවසන් එකගතාවකට පැමිණෙන බවයි.

ඒ අනුව එම පක්ෂ ගොඩනගන නව සන්ධානයට අත්සන් තැබීම ලබන 12 වැනිදා සිදු කිරීමටයි මේ වනවිට තීරණයකට එළඹ ඇත්තේ. කෙසේවෙතත් මීට පෙර ප‍්‍රකාශ කර තිබුණේ මෙම සතිය තුළ නව සන්ධානය ගොඩනැගීමටයි. එහෙත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ප‍්‍රමාදවීම සන්ධානයට අත්සන් තැබීම කල්යාමට ද හේතුවී ඇති බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළා