ඊ‌යේ රෑ ‌‌හොර රහසේ ගෝඨාභය මුණගැසුනු ශ්‍රිලනිප මන්ත්‍රිවරු ‌මෙන්න…!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් පවත්වා ඇත.

කොළඹදී මෙම සාකච්චා පැවැත්වී ඇත්තේ ඊයේ රාත්‍රියේ දී ය.

සන්ධාන මහලේකම් මහින්ද අමරවීර, ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න ඇතුළු මන්ත්‍රී පිරිසක් ඒ සඳහා එක්වූහ.

මෙම සාකච්ඡාවල තවත් දිගුවක් අද දිනයේ දී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව කටයුතු කිරීම සදහා නව සන්ධානයක් පිහිටුවීම ගැන මෙහිදී සාකච්චා කිරීමට නියමිතය.