ගෝඨාභයට විදේශ ගත වීමට මහාධිකරණයෙන් අවසර

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට වෛද්‍ය පරීක්ෂණයක් සදහා සිංගපූරුවේ සංචාරය කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (03) අවසර ලබා දි තිබේ.

ඒ අනුව ලබන 9 වනදා සිට 12 වනදා දක්වා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව යාමට අධිකරණය අවසර ලබා දි ඇත.