සෝලංග ‌මෛත්‍රි සමගයි…! සමාජජාලා වල ප්‍රචාරය වන පුවතට ප්‍රසන්න ‌සෝලංගආරච්චිගෙන් පිළිතුරු…!

දේශපාලණය ආරම්භ කල දිනයේ සිටම තමන් ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිිික‌ෙයෙකු බවත්, තනතුරු වරප්‍රසාද ‌හෝ මුදල්මය කාරණා මත කිසිසේත්ම තම පක්ෂය හා ප්‍රතිපත්ති පාවා ‌නොදෙන බවත් ‌කොලොන්නාව ශ්‍රිලනිප ප්‍රධාන සංවිධායක ජනාධිපති සම්බන්ධිකරණ ‌ලේකම් ප්‍රසන්න ‌සෝලංගආරච්චි මහතා පවසයි.

ඒ මහතා ‌මේ අදහස් පලකලේ සිලොන් ‌ගොසිප් ‌වෙත විශේෂ ප්‍රකාශයක් ලබාදෙමිනි.

තමන් එක්සත් ජාතික පක්ෂයට එක්වුවා යැයි අසත්‍ය පුවත් පතුරන්නේ එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය අංශ හා සම්බන්ධ සාමාජිකයන් බවත් පරාජය අභියස සිටින එක්සත් ජාතික පක්ෂයට ‌හෝ එහි අපේක්ෂකවරයාට සහය දැක්වීමේ කිසිදු අවශ්‍යතාවයක් ‌නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටී.

ජනාධිපතිවරයා සහ පක්ෂය තීරණය කරනා අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම සදහා තම උපරිම සහාය ලබාදෙන බවද ප්‍රසන්න ‌සෝලංගආරච්චි මහතා වැඩිදුරටත් සදහන් කළේය.