ගෝඨාභයගේ පුරවැසි භාවයට එරෙහි පෙත්සමේ මූලික කරුණු විමසීම අවසන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගේ පුරවැසි භාවයට එරෙහිව ගොණු කළ පෙත්සමේ මූලික කරුණු විමසීම මීට නොබෝ වේලාවකට පෙර අවසන් කෙරුණා.

අදාළ පෙත්සමේ වැඩිදුර කරුණු විමසීම අද 3 වන දිනටත් ආරම්භ කෙරුණේ අභියාචනාධිකරණ සභාපති, විනිසුරු යසන්ත කෝදාගොඩ, විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේයි. මෙම පෙත්සමේ ලිඛිත දේශණ ඉදිරිපත් කිරීම අද පස්වරු 3.15 ට අභියාචනාධිකරණයේදී ආරම්භ වන බවයි අධිකරණ වාර්තාකරු සදහන් කළේ