ප්‍රභා ගනේෂන්ගේ ප්‍රජාතන්ත්‍රවාදි ජනතා ‌කොංග්‍රසයේ සහයත් ‌ගෝඨාභයට…!

හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (02) පස්වරුවේ විජේරාම නිල නිවසේදී ගරු විපක්ෂ නයක මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු විය.

මෙම හමුව සඳහා වව්නියාව, මන්නාරම, මුලතිව් හා කිලිනොච්චි නියෝජනය කරමින් නියෝජිතයින් එක්ව සිටියේය.

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලයේ එම ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනයට කටයුතු කළත් මෙම රජය පත්වීමත් සමග ඒ සියළු සංවර්ධන කටයුතු නතර වූ බව ඔවුන් එහිදී පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රීලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ යග්‍රහණය වෙනුවෙන් තමන් කැපවෙන බවද ඔවුන් මෙහිදී පැවසීය.

තම පාලන කාලය තුළ ශල්‍යාගාර පහකින් සමන්විත ලංකාවේ හොඳම රෝහල යාපනය ප්‍රදේශයට ලබා දුන් බවද, ඒ වාගේම පානීය ජලය ඇතුළු ජල ප්‍රශ්නය විසඳීමට ද රජයට සැලසුම් තිබුණත් ආණ්ඩු මාරුවත් සමඟ ඒ සියළු සංවර්ධන කටයුතු නතර වී ඇති බව මෙහිදී පැවසිය

තම නායකත්වයෙන් ඉදිරියේදී පත්වන රජය තුළින් එම ප්‍රශ්න විසඳීමට කටයුතු කරන බව ද ගරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙහිදී වැඩිදුරටත් පැවසීය.