මහින්ද හමුවී පොහොට්ටුවට එක්වන්න පැමිණි රාජිත – චතුර නැවත හරවා යැවේ…!

ආණ්ඩුව නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයෙක් සහ ඔහුගේ පුත්‍රයා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා කැමැත්ත පළ කර ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවක දී රාජපක්‍ෂ මහතා විසින් කාරුණිකව එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බවද දැනගන්නට ඇත.

මීට හේතු වී ඇත්තේ මෙරට බලවත්ම වෘත්තිය සමිතියක් හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් මෙම පියපුතු දෙපල විපක්ෂයට ගැනීමට බලවත් විරෝධයක් පළ කිරීමයි.

ඇතැමුන් පවසා ඇත්තේ මොවුන් දෙදෙනා එක් කර ගතහොත් දේශපාලනයෙන් සමුගන්නා බවකි.

මෙම ප්‍රබල ඇමැතිවරයා මහින්ද රාජපක්ෂ මහතා විසින් සොරකම් කරන ලද ඩොලර් බිලියන 18 ක මුදලක් දෑසින් දැක අතින්ද අතගෑ අයෙකු වන අතර පුත්‍රයා ‍කොලොම්බස්ට ලොව වටා යාමට පාරවල් ක්‍රියා දුන් අයෙක් යයිද සැලකේ.

මෛම පිය පුතු දෙපල පසුගිය දින 52 ආණ්ඩුව කාලයේදීද මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක්වීමට පැමිණියද එවරද එල්ල වූ විරෝධය මත මරවා යවා තිබින.