ශ්‍රිලනිපය සමගින් ලංකා කම්කරු ‌කොංග්‍රසයේ සහයත් ‌ගෝඨාභයට…!

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආරුමුගම් තොණ්ඩමන් නායකත්වය දරණ ලංකා කම්කරු කොංග‍්‍රසයේ සහය ද ගෝඨාභය රාජපක්ෂට ලබාදීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර ප‍්‍රකාශ කළා.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (09) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.  

එහිදී “තොණ්ඩමන් මැතිතුමාගේ පක්ෂයේ තීරණය ගැන තාම මාධ්‍යට කියලා නෑ. එතුමන්ලා අපිත් එක්ක බොහොම සහයෝගයෙන් කටයුතු කළ පක්ෂයක්. පෙරේදා රාත්‍රියේ අපිව හමුවුණා. ඒ වෙලාවේ කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුවත් සමග ඉන්නවා කියලයි. ඒ කියන්නේ තොණ්ඩමන් මැතිතුමාගේ පක්ෂයත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප කිරීම් කරනවා.” යනුවෙන් සඳහන් කළා.