හිටිහැටියේ චන්ද්‍රිකා රට පනියි..! ශ්‍රිලනිපය සුරකීමේ සංවිධානය සජිත් සරණ යයි..!

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට තීරණය කිරීමත් සමග හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංගගේ උපදෙස් මත ක‍්‍රියාත්මක වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය මෙම තීන්දුවට විරෝධය පළ කර ඇත.

කෙසේ වෙතත් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට තම න්‍යායාචාර්යවරිය වන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සොයා බැලීමේදී ඇය මේ වන විට එංගලන්තය බලා ගොස් ඇති බව හෙළිව තිබේ.