ඇල්පිටිය පැරදුනේ තමුසෙලා හින්දා…! හිරුට දඹර අමිලට එජාපයෙන් කුණු බැණුම්…!

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය අන්ත පරාජයකට ලක්වුයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිතුමියගේ සහ දඹර අමිල හිමියන්ගේ කුණු කතා නිසා බව එජාප තරුණ මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත.

ගොටාභය රාජපක්ෂ මහතාව 17වනදා එල්ලනවා යන ප්‍රකාශය තුලින් එජාපය වෛරී චේතනා මුලිකකොටගත් පක්ෂයක් බවට අදහසක් සමාජගත වූ අතර එහි අවසාන ප්‍රතිපලය මේ අන්ත පරාජය බවද ඔවුන් පෙන්වා දී ඇත.

ඉදිරි ජනාධිපතිවරණ වේදිකාව තුල මේ කුණු කටවල් දෙක පාලනය කලයුතු බව රත්නපුරය නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරයෙකු ප්‍රසිද්ධියේම පවසා ඇති බව සදහන්.