ගෝඨාභයගේ ජය උදෙසා ශ්‍රිලනිපයෙන් ජනහමු 500ක්…!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්‍ෂ මහතා දිනවීමට කටයුතු කරන බව ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පවසයි.

මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාදීපතිවරණ කාල සීමාවේදී ස්වාධීනව කටයුතු කරන බවත් එම කාල සීමාවේ සභාපති ධුරයේ කටයුතු ආවරණය කිරීමට රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා පත් කර ඇති බවත් ඔහු පැවසීය.

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ශ‍්‍රීලනිපය රට පුරා ජනහමු 500කට වැඩි ප‍්‍රමාණයක් සංවිධානය කර ඇති බවද මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටියේය.