අඩාලව ඇති බුද්ධි අංශ නවීන තාක්ෂණය ඔස්සේ ශක්තිමත් කරන බවට ‌ගෝඨාභයගෙන් ප්‍රකාශයක්…!

බුද්ධි අංශ ශක්තිමත් කිරිම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ සදහන් කලා.

තමා ජනාධිපති ලෙස පත් වූ වහාම බුද්ධි අංශ කඩිනමින් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවත් ලෝකයේ ඇති නවීනතම තාක්ෂණය සහ සංකල්ප ඔස්සේ ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ වැඩිදියුණු කරන බවද ඒ මහතා පැවසුවේ (13) කඩවත නගරයේ පැවති ජන රැලියකදී.

ඒ අතරම බුද්ධි අංශ නිලධාරීන් ආරක්ෂා කිරීමට නව නීති සකසන බවද ඔහු පෙන්වා දුන්නේය. ජාතික ආරක්ෂාව තහවුරු කරමින් රට වේගවත් සංවර්ධනයක් කරා ගෙන යන බවත් අධ්‍යාපනය සංවර්ධනය කිරීමට තමන් මුලින්ම වැඩි අවධානයක් යොමු කරන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළුදේශපාලනඥයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.