ගෝඨාගේ විජයග්‍රහණය උදෙසා 19දා ගෝඨාභය – ශ‍්‍රීලනිප ගිවිසුමට සුභ නැකතින් අත්සන් තැබේ..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීම මේ මස 19 වැනිදා සිදු කිරීමට නියමිතය.

ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කොළඹ එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

ශ‍්‍රීලනිපය හා ශ‍්‍රීලපොපෙ අතර වූ අවබෝධතා ගිවිසුම පසුගිය 10 වැනිදා අත්සන් තැබින.