ගෝඨාභය දිනවන්න තවත් පක්‍ෂ 20ක්…!

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා තවත් දේශපාලන පක්ෂ 20ක් එකතු වන බව සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය.

එම සියලු පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග මෙතෙක් කටයුතු කළ පක්ෂ බවද ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දෙන්නේ ඡන්ද ලක්ෂ 15ක ප්‍රමාණයක් සහිතන බවද ඔහු පැවසීය.

මහ ලේකම්වරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.