චන්ද්‍රිකා නැවතත් ශ්‍රීලනිපයේ බලය ඇල්ලීමේ කුමන්ත්‍රණයක

හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය නැවතත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වයට පත් කිරීමේ සූදානමක් පවතී.

මෙම කටයුත්ත සැලසුම් කරමින් ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැුකීමේ සංවිධානය විසිනි.

මේ වන විට ශ‍්‍රීලනිප සභාපති ධුරයේ වැඩ ආවරණය කරන්නේ මහාචාර්ය රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා වන අතර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙම මැතිවරණ කාල සීමාවේදී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇත.

ශ‍්‍රීලනිප මූලස්ථානයේ බලය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස අත්පත් කරගන්නා බව එම පාර්ශවයට සහයෝගය දෙන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතාද සදහන් කර තිබින.