සජිත්ගේ ජනාධිපතිවරණ මාධ්‍ය මෙහෙයුම අසාර්ථකයි..- එජාපෙ නායකයන් රනිල්ට කියති..

එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රචාරක වැඩපිලිවෙල අසංවිධානාත්මක බව එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායකයන් විසින් ඊයේ දිනයේ සාකච්චා වී ඇත.

මෙම හමුව පැවැත්වී ඇත්තේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

මාධ්‍ය ප‍්‍රචාරක කටයුතු ස්ථාන කිහිපයකින් සිදු කිරීම අසාර්ථ බව පක්‍ෂ නායකයන් එහිදී පෙන්වා දී ඇත.

ඒ අනුව ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුත්ත මංගල සමරවීර හා රාජිත සේනාරත්න ඇමතිවරුන් යටතේ සිදු කල යුතු බවට තීන්දු කර ඇත.

සාමාජික පක්ෂ හා සිවිල් සංවිධාන සම්බන්ධීකරණයද රාජිත සේනාරත්නට මහතාට පවරා ඇත.