එජාපය ඩවුන් යන වාර්තා තුනක් එළියට; 2015-2018 සමයේ රනිල්ලා නටපු නාඩගම් ලබන සතියේ

ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තා තුනක් ඉදිරි සතියේදී ජනාධිපතිවරණ වේදිකාවට ඒමට නියමිතව ඇතැයි රහසිගත ආරංචිමාර්ග සඳහන් කරයි.


විශේෂයෙන්ම 2015 – 2018 අතර කාලසීමා තුළ දී යහපාලන ආණ්ඩුව විසින් සිදුකරන ලද වංචා සහ දූෂණ විශාල සංඛ්‍යාවක් මෙම වාර්තා තුන මගින් එළි දැක්වීමට නියමිතව ඇත.


දැනටමත් එම වාර්තා අදාළ අංශ වෙත ලැබී ඇති බවද දැනගන්නට ලැබේ.


එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් අදාළ වාර්තා එළිදැක්වීම පමා කිරීම සඳහා මේ වන විටත් අදාළ පාර්ශ්වයන් වෙත බලපෑම් කරමින් සිටින බව ද ආරංචිමාර්ග සඳහන් කරයි.


කෙසේවුවද යහපාලන ආණ්ඩුව මගින් සිදුකරන ලද වංචා දූෂණ කරලියට පැමිණිය හොත් එය සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට දැඩි අවාසි සහගත තත්ත්වයක් උද්ගත වනු ඇති බවද වැඩිදුරටත් දැනගන්නට ලැබේ