නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ විරෝධය නිසා ජලනිට සජිත්ගේ වේදිකාව තහනම්….!

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙහි ජනාධිපතිධුර අපේක්ෂක, එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියගේ ඇතැම් ප්‍රකාශ හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ප්‍රචාරණ වැඩසටහන් සඳහා ඉදිරියේ දී යම් බලපෑමක් එල්ල විය හැකි බැවින්, දේශපාලන කටයුතු සඳහා ජලනි ප්‍රේමදාස මහත්මිය සම්බන්ධ කර නොගන්නා ලෙස ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.


සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිධුර අපේක්ෂකත්වයට යෝජනා වීමත් සමග ඔහුගේ පවුලේ උදවියගේ සහභාගීත්වය වැඩි වශයෙන් මාධ්‍ය ඔස්සේ හුවා දැක්වීමට කටයුතු කර තිබුණි. එම තත්ත්වය හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතාට යම් යම් මාධ්‍ය ප්‍රහාරයන්ට මුහුණ දීමට ද සිදු විය.


කෙසේවුවද ජනාධිපතිවරණ සටන නිල වශයෙන් ආරම්භ වීමත් සමග නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඇතැම් පාර්ශ්වයන්ගේ ඉල්ලීම වී ඇත්තේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක වැඩසටහන් අවසන් වන තෙක් ප්‍රේමදාස පවුලේ සාමාජිකයින් සහභාගී කරවා ගැනීම අවම මට්ටමක තබා ගන්නා ලෙසයි.