පවත්නා සංකීර්ණ බදු ක‍්‍රමය වෙනුවට ගෝඨාභයගෙන් ලිහිල් බදු ප්‍රතිපත්තියක්…!

පවත්නා සංකීර්ණ බදු ක‍්‍රමය වෙනුවට සිය රජයක් යටතේ සරළ බදු ක‍්‍රමයක් හදුන්වා දෙන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා. 

කුලියාපිටිය නගරයේ පැවති ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැළියකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

වෙනස් නොවන බදු ප‍්‍රතිපත්තියක් පවත්වාගෙන යන බවද ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ එහිදී කියාසිටියා.