සජිත්ගේ ප‍්‍රකාශයෙන් එම පිලේම ආර්ථික ඔස්තාර්ලාගේ රෙදි ගැලවෙයි..

තමන් මෙරට ජනාධිපතිවරයා වූ පසු පොහොර නොමිලේ ලබා දෙන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ගොවීන්ට පමණක් නොව එළවළු, පලතුරු මල් වගාකරුවන් ඇතුළු සියලු දෙනාටම නොමිලේ පොහොර ලබාදෙන බවද ඔහු සඳහන් කළේය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ අනුරාධපුරයේ දී පැවැති එක්සත් ජාතික පෙරමුණේ ප්‍රචාරක ජන රැළියක් අමතමිනි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පොහොරෙ නොමිලේ ලබාදෙන බව පැවසීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය කිහිපදෙනකු එය දැඩිව විවේචනය කළේ එසේ කළ නොහැකි බව පවසමිනි.

සජිත් පේ‍්‍රමදාස මහතාගේ මෙම ප‍්‍රකාශයත් සමගින් එම පිරිස් බලවත් අපහසුතාවකට පත්වනු ඇත.