සජිත් කැබිනට්ටුව නම් කරයි.. රනිල් අගමැතිකමෙන් ඉවතට.. නව ආණ්ඩුවේ අගමැති මංගල..

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පිහිටුවන නව ආණ්ඩුවේ ඇමතිධුර බෙදා ගැනීම ගැන මේ දිනවල නම් කරමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

එම ආණ්ඩුවේ අගමැති ධුරය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉවත් කර මංගල සමරවිර මහතා පත් කිරීමට යෝජනා කර ඇතැයිද ඔහු කියා සිටියේය.

කුලියාපිටියේදී පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරය අකිල විරාජ් කාරියවසම් මහතා ඉවත් කර තිස්ස අත්තනායක මහතා ඊට පත් කිරීම සඳහා ද සජිත් පිල සැලසුම් කර ඇති බවද ඔහු තවදුරටත් පැවසුවේය.