සජිත් – කිලී ඩර්ටි ඩීල්; සජිත් ආවොත් ජනපති කාර්යාලය සිරසට – ශෙවාන් – සුරංග – ගයාන් දියවන්නාවට

ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට වාසි වන ආකාරයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට මාධ්‍ය ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය හා කැපිටල් මහාරාජා මාධ්‍ය සමූහය අතර එකඟතාවකට අත්සන් තබා ඇතැයි වාර්තා වේ.


අදාළ එකඟතාවට අනුව සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය ජය ගත හොත් ජනාධිපති කාර්යාලයේ සියලු මෙහෙයුම් කටයුතු සිරස මාධ්‍ය ආයතනය මගින් සිදු කිරීමටත්, එහි සේවක සේවිකාවන් ජනාධිපති කාර්යාලයේ සේවයට අනුයුක්ත කිරීමටත් එකඟතාවකට පැමිණ ඇත.


ඊට අමතරව ශෙවාන් ඩැනියෙල්ස්, සුරංග සේනානායක සහ ගයාන් සම්පත් යන මාධ්‍යවේදීන්ට ඉදිරි මහ මැතිවරණයේ දී නාමයෝජනා දීමටත්, සිරස මාධ්‍ය ජාලයේ මේ වන විටත් සේවයේ නියතු තවත් කිහිප දෙනෙකුට ‘ලැයිස්තුව’ මගින් පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව උදාකර දීමටත් සජිත් ප්‍රේමදාස මහතා එකඟතාව පළකර තිබේ.


එමෙන්ම රජය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති ගණනාවක සෘජු සහ වක්‍ර මැදිහත් වීම් සිදු කරමින් තෙවැනි පාර්ශ්වයක් ලෙස ක්‍රියාත්මක වීමට අදාළ මාධ්‍ය සමූහයේ පාලනාධිකාරයට අවස්ථාව සලසා දී ඇති බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.


මීට පෙර 2015 දී පැවති ජනාධිපතිවරණයේ දී ද එක්සත් ජාතික පක්ෂය හා මෙවැනිම එකඟතාවකට අදාළ මාධ්‍ය ආයතනය එළැඹ තිබූ අතර, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හා කැපිටල් මහා රාජා ආයතනයේ පාලනාධිකාරය හා ඇති වූ මත ගැටුමක් මත අදාළ එකඟතා හා සබඳතා අතරමඟ නතර වී ඇත.


මෙම පසුබිම මත ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විශේෂ මාධ්‍ය ප්‍රචාරයක් දියත් කිරීමට කැපිටල් මහා රාජා මාධ්‍ය ජාලය ඉදිරි සැලසුම් සකස්කර ඇති බවද දැනගන්නට ලැබේ.