දෙමල සන්ධාන මන්ත‍්‍රීවරුන් සජිගේ ලීෆ්ලට් උතුරේ බෙදයි..

දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරුන් එජාප ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රචාරක කටයුතුවල යෙදී සිටිති.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් මහතා සිය ආධාරකරුවන් පිරිසක් සමඟ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක පත්‍රිකා බෙදමින් සිටින අයුරු ඉහත පින්තූරයෙන් දැක්වේ.

දෙමළ ජාතික සන්ධානය මේ වන තෙක් ජනාධිපතිවරණයට සහය දක්වන්නෙ කාටදැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නැත.

එසේ වුවද තීරණාත්මක කොන්දේසි 13 ඉදිරිපත් කර ඇති අතර ඒවාට සහාය දක්වන පිරිසට සහාය දෙන බව ද සඳහන් කර තිබේ.