මම එතනට ගියේ දුක සැප බලන්න…! බුදුන් වහන්සේත් එහෙමයි…! සහරානුත් එතනට ඇවිත්..! හකීම්

ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමග තමන් සිටි වීඩියෝව සම්බන්ධයෙන් අමාත්‍ය රාවුෆ් හකීම් අදහස් පළකළා.

ඒ, වත්තේගම ප‍්‍රදේශයේ පැවැති ජනහමුවකදීයි.

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ.එම්. හිස්බුල්ලාට ද අමාත්‍යවරයා මෙහිදී චෝදනාවක් එල්ල කළා. 

“පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසට මඩකලපුවේ ආසනයක් ලැබුණා. එක්සත් ජාතික පක්ෂයටත් ආසනයක් ලැබුණා. එතනදි තමයි මට යන්න වුණේ. එවෙලේ මේ සිද්ධිය බලන්න මං ගියාම.. ඒ අස්සේ මේ හාදයත් රිංගලා ඇවිල්ලා. ඉතින් මං මොනා කරන්නද?. “