රනිල්ගේ අණින් සජිත්ට සිරිකොත තහනම්…!සජිත් වොක්ෂෝල් වීදියේ කදවුරු බදී..

සජිත් ප්‍රේමදාසයන්ගේ රැලියකදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට හු කියවීමත් සමගින් උරණ වූ එජාප නායකයා සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ කණ්ඩායමට සිරිකොත තහනම් කලාපයක් බවට පත්කර ඇත.

මේ අනුව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණයට අදාල මාධ්‍ය හමු සියල්ල අරලියගහ මන්දිරයේ හා සිරිකොත මූලස්ථානයේ නොපවත්වනු ඇති.

ඒ අනුව සියළු මාධ්‍ය හමු පැවැත්වීම වොක්ෂෝල් වීදියේ පිහිටි සජිත් පේ‍්‍රමදාස මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී පමණක් සිදු කරමින් ඇත.