ගලගොඩඅත්තේ හිමියන්ට නොතිසී නිකුත්වීමත් සමග ද්‍රවිඩ සංධාන සහය සජිත්ට…!

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නොවැම්බර් මස 08 වනදා පෙනී සිට කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය විසින් බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තුන් දෙනෙකු වෙත අධිකරණයේ පෙනී සිටින ලෙසට අධිකරණය විසින් නොතිසී නිකුත්වීමත් සමගින් උද්දාමයට පත් ද්‍රවිඩ සන්ධානයේ සහය නියත වශයෙන්ම ජනාධිපතිවරණයේදී එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට තොරතුරු වාර්තා වේ.