ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ ආදාහනය…! ගලගොඩඅත්තේ හිමියන්ට 08දා නොතිසී…..!

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නොවැම්බර් මස 08 වනදා පෙනී සිට කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය විසින් බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තුන් දෙනෙකු වෙත නොතීසි නිකුත් කර තිබෙනවා.

මුලතිව් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්තිනි ශ්‍රී ස්කන්ධරාජා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් විසින් මෙම නොතිසි නිකුත් කර තිබෙනවා.

ඉකුත්දා ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන උත්සවය එම විහාර භූමියේ නොපවත්වන ලෙස දන්වමින් මුලතිව් අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් තහනම් නියෝග කර තිබූ  අතර එම තහනම් නියෝගය උල්ලංඝනය කරමින් කටයුතු කිරීම තුළින්  ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කර ඇති බවයි පෙත්සම්කාරිය ප්‍රකාශ කරන්නේ.