පාසල් නිල ඇදුම් වවුචර් වලින් මිලියන ගණන් පිල්ලි ගිහින්..! සජිත්ගෙන් අකිලට මරු පහරක්…!

තමන් මෙරට ජනාධිපතිවරයා වූ පසු පාසැල් ළමුන් සඳහා නිල ඇඳුම් දෙක බැගින් ලබාදෙන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

නිල ඇඳුම් වවුචර ක්‍රමය අහෝසි කරන බව ද නිල ඇඳුම් කූපනය අරගෙන එක එකා ළඟ පින්සෙණ්ඩු වීමට යා යුතුව ඇති බව ද ඔහු සදහන් කළේය.

කෙසේ වෙතත් නිල ඇඳුම් වවුචර එක හඳුන්වා දුන් එජාප මහ ලේකම් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා එකල කියා සිටියේ නිල ඇඳුම් ලබා දීමට පැවති ක්‍රමය අතිශයින් දුෂිත බවත් ඒ නිසා මෙම ක්‍රමය ඉතා පහසු, ලාභදායක හා විනිවිද පෙනෙන ක්‍රමයක් බවය.

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දැඩිව විවේචනය කර සිටින්නේ එම පක්ෂ මහලේකම්වරයාගේ මතයයි.