සජිත් – පාඨලී ගැටුමක්…!විසුම්පායේ Face Book මඩ මෙහෙයුමේ 40ක් බඩු අකුලාගෙන ගිහින්…!

2019 ජනාධ්පතිවරණය ඉලක්ක කරගෙන අමාත්‍ය පාඨලී චම්පිකගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කරන රාමනායක යටතේ ක්‍රියාත්මක විශේෂ සමාජ මාධ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානයක් යුනියන් පෙදෙසේ විසුම්පාය මන්දිරයේ ක්‍රියාත්මක වූ බව නොරහසකි.

කිසිවෙකුට ඇතුල් විය නොහැකි වන සේ ඉතා රහස්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක වූ මෙම මධ්‍යස්ථානයේ ඉතා සුක්ෂමව මෙම මඩ මෙහෙයුම ක්‍රියාත්මක වූ අතර 40ක පමණ පිරිසක් මෙම කාර්යය උදෙසා එම ස්ථානයේ සේවය කරමින් සිට ඇත.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය උදෙසා මඩ නිර්මාණය කිරීම සිදුවූ මෙම මධ්‍යස්ථානයේ පසුගිය දිනෙක සජිත් පිලේ නිල මාධ්‍ය අංශය සහ පාටලිගේ විශේෂ මාධ්‍ය අංශය අතර පොස්ටුවක් සම්බන්ධයෙන් දැඩි වචන හුවමාරුවක් උද්ගතව ඇති අතර අවසානයේ මෙම තත්වය දුරදිග ගොස් පාඨලී සහ සජිත් අතරද මතභේදයක් නිර්මාණය වී ඇති බවයි අපට වාර්තා වේ.

පසුගිය 17 වැනිදා හිටිහැටියේම පාඨලීගේ මඩ මාධ්‍ය කණ්ඩායම මෙම ස්ථානයෙන් සියලු බඩු භාණ්ඩද රැගෙන ඉවත්ව ගොස් ඇති අතර එදින සිට එම ස්ථානයට ඉබි යතුරු දමා ඇත.

එම තත්වයත් සමගින් සජිත් ප්‍රේමදාස මහතාගේ සමාජ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු සියල්ල ඇණහිට ඇති අතර පාඨලීගේ කණ්ඩායම විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සජිත් ප්‍රේමදාස මහතාට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් සිටින අයුරුද දක්නට ඇත.